Showing posts with label ඉස්කෝලේ ආතල්. Show all posts
Showing posts with label ඉස්කෝලේ ආතල්. Show all posts

Tuesday, 21 February 2012

ඉස්කෝලේ ආතල් - පොලිස් ගැටේ

 ඔන්න ආට් එකේ ඩයල් එකක් ඉන්නව ඌට ආදරේට කියන්නෙ අම්බරුවා කියලා, තවත් ශෝට් ඇන්ඩ් ස්වීට් කරලා අම්බා කියලා කියන්නෙ.  පොර කැඩෙට් එහෙම කරා, ඌ ඉතින් ඔය කැඩෙට් වැඩ කෑලි අපිටත් දාන්න එනවා. ඔන්න දව්සක් මූ අයිටම් එකක් හොයාගෙන පොලිස් ගැටේ වගේ එකක්. මූ ඉතින් ඕක හැමෝටම කර කර යනවා වැඩා වගේ, කෙල්ලන්ටත් පේන්න එක්ක.

   ඔන්න එදා අන්තිම පීරියඩ් එකේ ආයෙත් ඌගෙ ගැටේ මොකාට  හරි දාන්න බලනකොට අයියා කෙනෙක් ගියා එතනින්, මූ ඒ අයියව දන්නවා කියලා තමයි කිව්වේ. අයියා ඉදියෙත් හොද මූඩ් එකෙන් නෙමෙයි. ගෑනි මැරිච්ච මිනිහා වගේ. මූගෙ කෙල්ලත් එක්ක වලියක් දාගෙන ඇවිල්ලා ඉන්නේ.  ඔන්න අපේ පොර අයියටත් ගැටේ දැම්මා. අරූට මලෙනුත් ඉන්න එකේ ගැටේකුත් දැම්මාම ඌට තවත් මල පැන්නා, අරූව ඇදලා අරන් ඩෙස් එක උඩ නිදිකරෝලා ගහනවා නිකන් හනුමා දර පල්ල වගේ , අරුත් අහනවා '''ඒ මොකෝ බං මේ, මොකෝ'''කිය කිය අරූටත් හිතා ගන්න බෑ, අරූ ගුටි කනවා සැපට.


 ඊට පස්සෙ අරූව චාටර් කරා එපා වෙන්න, කෙල්ලො ටික හරක් වගේ හිනා වෙනවා. එදායින් පස්සෙ මම නම් ඌගෙ පොලිස් ගැටේ දැක්කෙ නෑ

Tuesday, 7 February 2012

ඉස්කෝලේ ආතල් - පීරියඩ් කට් කිරීම

 ඔන්න මේකත් තව එල සිද්දියක්,  අපිට දැන් මේ ලගදී දවසක අපිට උගන්නන විශයන් ඔක්කොගෙම මිස්ලා ඇවිල්ලා, එහෙම උනාම ඉතින් දවස පටන් ගන්නෙ එපා වෙලා. කොමස් එකට හැමදාම ඔහොම තමයි. මිස්ලා සර්ලා එන්නෙ නැතුව ඉන්නෙ කලාතුරකින් තමයි. 

     ඔන්න එදා මිස්ලා ඉන්න හන්දා අපි හිතුවා පීරියඩ් කට් කරන්න , මේකට චාන්ස් එක හම්බුනේ  ඉන්ටවල් එකෙන් පස්සේ, මුල් පීරියඩ් 4ම පනින්න හදපු හැටිය මිස්ලා ආවා. ඔන්න දැන් අන්තිමට තියෙන්නෙ ගිණුම්කරනය පීරියඩ් එක. දන්නවනේ ඉතින් ඕකනෙ එපාම කරපු එක. ඕන එකක් වෙන්න කියලා කට්ටියම පැනලා දිව්වා පංතියෙන්,( දෙතුන් දෙනෙක් ඇර, ඕනම පංතියක එහෙම ඩයලුත් ඉන්නවනේ ) කොහොමහරි එදා පීරියඩ් කට් කරලා , පොඩි ෆන් එක්ක් අරගෙන එනකොට මෙන්න ඉන්නවා එකව්න්ට් මිස් අපිට ඇට්ටිය අරින්න බලාගෙන, ඒ වෙලාවේ මිස් අපිව දැක්කේ නෑ. ඔන්න ඔය අස්සෙම ගාථා කියන්න පටන් ගත්තා. එතකොට අපි හැංගෙන්න දුවනකොටම අපේ එකෙක් දඩා ගාලා වැටුනා, මූ ටිකක් මහත එකා. වැඩෙත් ටිකක් සීරියස්. අපේ එවුන් ටික මූව උස්සන් ගියා ලග තියෙන පංතියට.. වෙන එවුන් අඩ අඩනේ උස්සන් යන්නේ. අපේ එවුන් මූව උස්සන් ගියේ මාර හැපි එකේ. ඒ තිං දැන් අපිට නිදහසට කරුණක් තියෙනවනේ. මිස් දන්නවෑ මොන වෙලාවෙද වැටුනේ කියලා. ඔන්න දැන් අපි පංතියට යනකොට මිස් බලාගෙන ඉන්නවා අපිට නෙලන්න. ඔන්න දැන්  මිස් ලග අපිට නෙලන්න මුකුත් තිබ්බෙ නෑ, මිස් ගත්තා ලග පාත පදුරකින් ඕකිඩ් මලක් ගලෝලා. මල ගලෝපු හැටිය මල කඩා ගෙන බිමට වැටුනා. මිස්ට ඒකෙන්ම එපා උනා ඕකිඩ් මල. ඔන්න දැම් මිස් ඇහුවා,

       '''තමුසෙලා කොහෙද ගියේ''? කියලා


   ඔය වෙලාවේ අපේ එකෙක් වැඩාර් සේ කිව්වා '"'මිස් අපේ කොල්ලෙක් වැටුණා'"'ඒක නිසා එයාව එක්කන් ගියා කියලා'"'

 ''ඉතින් ඕයි තමුසෙලට මෙහෙට ඇවිල්ලා කියන්න තිබුනේ නැද්ද අපිට ඇවිල්ලා.  අනික පීරියඩ් දෙකක්  උබලා ඌත් එක්ක මොනවද'' කරේ කියලා ඇහුවා. 


''ඔතනම ඉන්නවා මම එනකන්'' කියලා මිස් කොහේද ගියා යන්න..


   එයාට බම්බු ගහගන්න කියලා අපි ටික බෑග් ටිකත් අරන් සිං සිං ගාලා මිසින් උනා, එයාට අපේ හුලගක් වත් හොයා ගන්න බැරිවෙන්න.


හැබැයි ඊලග දවසේ නම් බැනුම් අහන්න උනා සැරටම. මොනවා උනත් අර වැටිච්ච එකත් ඒ සතියෙන ඉස්කෝලේ ආවේ නෑ ,  ඌ  වැටුන පාරත් සැරටම වැටිලා තියෙනවා.



Monday, 6 February 2012

ඉස්කෝලේ ආතල් - බඩු ගලා ඒම

උසස් පෙල වාණිජ විශයේ අමාරුම එක කියන්නෙ ගිණම්කරණය නේ, විශය වගේමයි මිසුත් ලෝක ඇනයක්. මිස් ඉස්කෝලේ එනකොට අපිට එපා වෙනවා, මිස් ලගට ආවාම අපි හිනා වෙනවා. එයා හිතන්නෙ අපි එයා එනවට කැමති හින්දා හිනා වෙනවා කියලා. 

       ඔන්න දැන් පාඩම තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මේකෙන් කෙරෙන්නෙ ව්‍යාපාරයට මුදල් යෑම සහ ඒම සටහන් කිරිමයි. ඔන්න දැන් මිස් කිව්වා 'ළමායි ව්‍යාපාරය මුදල් ඒම ස්අහ යෑම සටහන් කරන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් නේ, එහෙනම් භාණ්ඩ මිලදී ගැනීම සටහන් කරන්නේ මොකද්ද? '"
කියලා මහ කුජීත ප්‍රශ්නයක් ඇහුවා. මෙන්න මේ වෙලාවේ නිදාගෙන ඉදලා ඇහැරුනු එකෙක් කිව්වා මිස් '"'බඩු ගලා ඒමේ ප්‍රකාශය '"'කියලා. කොල්ලො ටිකට ලෝක ෆන් එක, හිනා වෙනවා ඩෙස් පෙරල පෙරල. මිස්ටත් වැඩිය මීටර් උනේ නෑ. කෙල්ලො ටිකත් වැඩේ ගැන දන්නෙ නෑ. ඒක නිසා ඔයින් ගියා ඇති.

Sunday, 5 February 2012

ඉස්කෝලේ ආතල් - කමෝන් මචං

 මට තාම අවුරුදු 17 යි, මම උසස් පෙල කරන්නෙ. ඉතින් කට්ටිය දන්නවා ඇතිනේ මේ කාලේ තියෙන ආතල් එක. කරොත් කරන්නෙ මොකක් හරි පිස්සු වැඩක්ම තමයි. මම වාණිජ අංශයෙන් තමයි ඉගෙන ගන්නේ, ඒත් මම කොමස් උනාට වැඩිපුරම ඉන්නෙ කලා අංශයේ, ඒ ඉතින් ආට් එකේ ඉන්නෙ පිස්සොනේ, ඉතින් මාත් වැඩිපුර කැමති උනට,

     මේ කතාව උනේ මේ ඊයේ, පෙරේදා දවසක්. අපේ පාසල් වල මේ ටිකේ ස්පෝට් මීට්, මේ කාලෙ තමයි ඉතින් මම හොදම ෆන් එකක් ගත්තෙ , තාම මීට් එක ඉවර උනේ නෑ.. ඔන්න මේ සිද්දිය උනේ අපේ අවට පාසලට ස්පෝට් මීට් එකක් තිබුන දවසේ, මම ගියේ ආට් එකේ සෙට් එකත් එක්ක. අපි යනකොට  දුවන තරග තමා තිබ්බේ.  ඔන්න ඔය අතරේ අපේ ඩයල් එකකට ඌ ට්‍රයි කරන කෙල්ලව දැක්කා, මූත් ඉතින් පොර සේ ගියා කෙල්ල ගාවට, එතකොට මීටර් 200 තරගය පටන් ගත්තා. මූ කෙල්ල පිටිපස්සෙ ඉදන් අනිත් කොල්ලත් එක්ක කතා කතා කරන ගමන් කෙල්ලගෙ අවධානය ගන්නත් එක්ක කෙල්ලගේ කන ලගටම කරලා මහ හයියෙන්  '' කමේන් මචං කමෝන් '' කියල කෑ ගැහුවා .  ඒ වෙලාවේ කෙල්ලව උඩ ගියා. ටික වෙලාවකින් කෙල්ල එතනින් ගියා ඒ කෙල්ල කනට ආදරේ නිසා.