Showing posts with label චිත්‍රපටි විචාර. Show all posts
Showing posts with label චිත්‍රපටි විචාර. Show all posts

Sunday, 26 February 2012

Ong-Bak සහ ටෝනි ජා - මම බලපු හොදම මාෂල් ආට් නලුවා සහ චිත්‍රපටිය

      මගේ කැමතිම විනෝදාංශය සහ මගේ කැමතිම මාතෘකාව තමයි සිනමාව. මට චිත්‍රපටි නැරභීමේ විශේෂ ආසාවක් සහ ඕන කමක් ඇති උනේ සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ පටන් ගන්නකන් ගෙදර ඉන්න කාලේ තමයි. කාලේ කන්න ( කාලය ගෙවා ගන්න ) ක්‍රමයක් හොයන කොට තමයි මේකට පුරුදු උනේ. ඊට පස්සෙ මම දන්නෙම නැතුව ඒකට ඇබ්බැහි වෙලා. මේ වෙනතෙක් මම අවුරුද්දක් තුල සෑහෙන්න චිත්‍රපටි තොගයක් බලලා තියෙනවා. වැඩිපුරම නරඹන්නේ හොලිවුඩ් චිත්‍රපට.
 
          දැන් මාතෘකාවට එමු. මේක තමයි මම බලපු ලස්සන කතාවක් සහ හොදම සටන් දර්ශන සහිත චිත්‍රපටිය. ඉතාමත් තාත්වික සටන් දර්ශන තමයි තියෙන්නෙ, මම හිතන්නේ මේක නම් ලංකාවේ හුගාක් දෙනෙක් බලල  ඇති. ඒත් මේක ගැන නොකියා බෑ.


      ප්‍රධාන චරිතය වන ටෝනි ජාත් කේබල් වැඩ නැති ඇත්තම වැඩකාරයෙක්. ඔහු මුලින් චිත්‍රපටි වල ස්ටුන්ට් ( ආදේශක නලු ) කෙනෙක් විදියට තමයි ඉදලා තිබෙන්නෙ. පසුව මොහුගේ දක්ශතාවය මත තමයි මොහුව රංගනයට එක් කර ගෙන තියෙන්නේ.

            Ban Nong Pradu කියන දුප්පත් ගමේ ඔන් බැක් නම් උත්සවය දවස් කීපයක් තිබියදී ඔන්ග් බැක් කියන බුදු පිළිමයේ හිස කණ්ඩායමක් විසින් පැහැර ගන්නවා. මේ බුදු පිළිමයේ හිස ගේමේ අභියෝගය භාර ගන්නේ ඒ වන විට ගමේ සිටින හොදම රණ ශූරයායි (ටින්ග්).ගමේ සිටින දුප්පත් ජනතාවගේ සල්ලි එකෙතු කර මොහු නගරයට යනවා. ඒ නගරයේ සිටින විශ්වාසවන්ත පුද්ගලයෙකුගෙන් උදව් ඉල්ලීමට. මේ මිනිහා මුලින් මොහුට වංචා කලත් පසුව සිදුවන සිද්දියකින් මොහුට උදව් කිරීමට ඉදිරිපත් වෙනවා. මොහුගේ නංගිත් , මොහුත් ටින්ග් සමග එකතු වී බුදු පිළිමයේ හිස හෙන ඒමට කරන ක්‍රියාදාමය තමයි පෙන්වන්නේ.


          ඉතාමත් තාත්වික සටන් දර්ශන වලින් සමන්විත මේ චිත්‍රපටිය ඉතා ඉහල කතා පිටපතක් තිබෙනවා. සංගීතය පවා ඉතා ඉහල මට්ටමක තිබෙනවා.  

Tony Jaa , 2005 දී



       ටෝනි ජා , මෙම චිත්‍රපටියේදී ස්ටුන්ට් ලා යොදා ගැනීමට අධයක්ශකවරයා තීරනය කරත් ටෝනි ජා එය ප්‍රතික්ශේප කලේය. මොහු මෙම චිත්‍රපටියේ එක් තැනක ගින්දර මත කරන දර්ශනයකදී මොහුගේ දෙපා දැඩි ලෙස පිලිස්සිනි. මේ නිසා චිත්‍රපටියේ රූ ගත කිරීම මාස 3ක් පමණ නැවතුනි.  එහෙත් ඔහු නැවතත් රූ ගත කිරීමට පැමිනියේය. මොහු තම චරිතයට උපරිම ලෙස කැපවෙන මොහු අනෙක් නලුවන්ට වඩා වෙහෙසකර රංගනයක නිරත වෙනවා. 


      ටෝනි ජා 2011 වසරේදී තායිලන්තයේ චාරිත්‍රයක් වන ජිවිතයේ යම් කාලයක් මහණ වීමට අවශ්‍ය නිසා මොහු 2011 වසරේදී මහණ උනා. එහෙත් එය දැන් නාගරිකව දක්නට නොලැබුනත් හම්මාන වල දකින්නට ලැබෙනවා.  එහෙත් මොහු මේ වසරේ ටුම් යුම් ගුන් 2 වෙනි කොටසට රගපෑම සදහා නැවත පැමිනෙනවා.




        තවත් එකක් නම් කිව යුතුමයි, පසුගිය දවසක මොහු ලංකාවට පැමින තිබෙනවා දළදා හිමියන් වැද පුදා ගන්න. ඒ අවස්තාවේ හමුදාවේ පිරිසක් තමා මොහුව අදුරගෙන තිබෙන්නේ. ඇත්තටම මම මේක දැන ගත්තේ ලංකාවේ ගොසිප් සයිට් එකකින්. ඒ වෙනකන් මම හිතන්නේ කිසිම මාධ්‍යක මේ ගැන සදහන් උනේ නෑ. ඉන්දියාවේ කවුරු හරි අනංගයෙක් ආවා නම් මල් මාලා දාලා පිලිගන්නේ. ඇත්තටම මට සමහර නලුවන්ට වඩා මොහුව පියවර සිය ගනකින් ඉදියට තියන්න පුලුවන්.