Tuesday 21 February 2012

ඉස්කෝලේ ආතල් - පොලිස් ගැටේ

 ඔන්න ආට් එකේ ඩයල් එකක් ඉන්නව ඌට ආදරේට කියන්නෙ අම්බරුවා කියලා, තවත් ශෝට් ඇන්ඩ් ස්වීට් කරලා අම්බා කියලා කියන්නෙ.  පොර කැඩෙට් එහෙම කරා, ඌ ඉතින් ඔය කැඩෙට් වැඩ කෑලි අපිටත් දාන්න එනවා. ඔන්න දව්සක් මූ අයිටම් එකක් හොයාගෙන පොලිස් ගැටේ වගේ එකක්. මූ ඉතින් ඕක හැමෝටම කර කර යනවා වැඩා වගේ, කෙල්ලන්ටත් පේන්න එක්ක.

   ඔන්න එදා අන්තිම පීරියඩ් එකේ ආයෙත් ඌගෙ ගැටේ මොකාට  හරි දාන්න බලනකොට අයියා කෙනෙක් ගියා එතනින්, මූ ඒ අයියව දන්නවා කියලා තමයි කිව්වේ. අයියා ඉදියෙත් හොද මූඩ් එකෙන් නෙමෙයි. ගෑනි මැරිච්ච මිනිහා වගේ. මූගෙ කෙල්ලත් එක්ක වලියක් දාගෙන ඇවිල්ලා ඉන්නේ.  ඔන්න අපේ පොර අයියටත් ගැටේ දැම්මා. අරූට මලෙනුත් ඉන්න එකේ ගැටේකුත් දැම්මාම ඌට තවත් මල පැන්නා, අරූව ඇදලා අරන් ඩෙස් එක උඩ නිදිකරෝලා ගහනවා නිකන් හනුමා දර පල්ල වගේ , අරුත් අහනවා '''ඒ මොකෝ බං මේ, මොකෝ'''කිය කිය අරූටත් හිතා ගන්න බෑ, අරූ ගුටි කනවා සැපට.


 ඊට පස්සෙ අරූව චාටර් කරා එපා වෙන්න, කෙල්ලො ටික හරක් වගේ හිනා වෙනවා. එදායින් පස්සෙ මම නම් ඌගෙ පොලිස් ගැටේ දැක්කෙ නෑ

4 comments:

  1. ඕං මාත් ඇවිල්ලා ගියා. වෙරිෆිකේෂන් අයින් කරපං මලයෝ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඒ ගැන දැනුවත් කලාට

      Delete
  2. හප්පෝ චාටර්ම ගැටයක් තමයි ඔය පොලිස් ගැටේ..තව එකක් අපි කරා මෝර හොටේ උලනවා කියලා කෙස් ගැලවෙන්න අතින් උඩට අතුල්ලා දුවන එක..

    ReplyDelete
    Replies
    1. හාපෝ ඔකනම් එපාම කරපු එකක්, ඕක කරල දවසක් මගේ ඔලුවෙන් ජම්බු ගෙඩ්ඩක් ආවා

      Delete