Tuesday 7 February 2012

ඉස්කෝලේ ආතල් - පීරියඩ් කට් කිරීම

 ඔන්න මේකත් තව එල සිද්දියක්,  අපිට දැන් මේ ලගදී දවසක අපිට උගන්නන විශයන් ඔක්කොගෙම මිස්ලා ඇවිල්ලා, එහෙම උනාම ඉතින් දවස පටන් ගන්නෙ එපා වෙලා. කොමස් එකට හැමදාම ඔහොම තමයි. මිස්ලා සර්ලා එන්නෙ නැතුව ඉන්නෙ කලාතුරකින් තමයි. 

     ඔන්න එදා මිස්ලා ඉන්න හන්දා අපි හිතුවා පීරියඩ් කට් කරන්න , මේකට චාන්ස් එක හම්බුනේ  ඉන්ටවල් එකෙන් පස්සේ, මුල් පීරියඩ් 4ම පනින්න හදපු හැටිය මිස්ලා ආවා. ඔන්න දැන් අන්තිමට තියෙන්නෙ ගිණුම්කරනය පීරියඩ් එක. දන්නවනේ ඉතින් ඕකනෙ එපාම කරපු එක. ඕන එකක් වෙන්න කියලා කට්ටියම පැනලා දිව්වා පංතියෙන්,( දෙතුන් දෙනෙක් ඇර, ඕනම පංතියක එහෙම ඩයලුත් ඉන්නවනේ ) කොහොමහරි එදා පීරියඩ් කට් කරලා , පොඩි ෆන් එක්ක් අරගෙන එනකොට මෙන්න ඉන්නවා එකව්න්ට් මිස් අපිට ඇට්ටිය අරින්න බලාගෙන, ඒ වෙලාවේ මිස් අපිව දැක්කේ නෑ. ඔන්න ඔය අස්සෙම ගාථා කියන්න පටන් ගත්තා. එතකොට අපි හැංගෙන්න දුවනකොටම අපේ එකෙක් දඩා ගාලා වැටුනා, මූ ටිකක් මහත එකා. වැඩෙත් ටිකක් සීරියස්. අපේ එවුන් ටික මූව උස්සන් ගියා ලග තියෙන පංතියට.. වෙන එවුන් අඩ අඩනේ උස්සන් යන්නේ. අපේ එවුන් මූව උස්සන් ගියේ මාර හැපි එකේ. ඒ තිං දැන් අපිට නිදහසට කරුණක් තියෙනවනේ. මිස් දන්නවෑ මොන වෙලාවෙද වැටුනේ කියලා. ඔන්න දැන් අපි පංතියට යනකොට මිස් බලාගෙන ඉන්නවා අපිට නෙලන්න. ඔන්න දැන්  මිස් ලග අපිට නෙලන්න මුකුත් තිබ්බෙ නෑ, මිස් ගත්තා ලග පාත පදුරකින් ඕකිඩ් මලක් ගලෝලා. මල ගලෝපු හැටිය මල කඩා ගෙන බිමට වැටුනා. මිස්ට ඒකෙන්ම එපා උනා ඕකිඩ් මල. ඔන්න දැම් මිස් ඇහුවා,

       '''තමුසෙලා කොහෙද ගියේ''? කියලා


   ඔය වෙලාවේ අපේ එකෙක් වැඩාර් සේ කිව්වා '"'මිස් අපේ කොල්ලෙක් වැටුණා'"'ඒක නිසා එයාව එක්කන් ගියා කියලා'"'

 ''ඉතින් ඕයි තමුසෙලට මෙහෙට ඇවිල්ලා කියන්න තිබුනේ නැද්ද අපිට ඇවිල්ලා.  අනික පීරියඩ් දෙකක්  උබලා ඌත් එක්ක මොනවද'' කරේ කියලා ඇහුවා. 


''ඔතනම ඉන්නවා මම එනකන්'' කියලා මිස් කොහේද ගියා යන්න..


   එයාට බම්බු ගහගන්න කියලා අපි ටික බෑග් ටිකත් අරන් සිං සිං ගාලා මිසින් උනා, එයාට අපේ හුලගක් වත් හොයා ගන්න බැරිවෙන්න.


හැබැයි ඊලග දවසේ නම් බැනුම් අහන්න උනා සැරටම. මොනවා උනත් අර වැටිච්ච එකත් ඒ සතියෙන ඉස්කෝලේ ආවේ නෑ ,  ඌ  වැටුන පාරත් සැරටම වැටිලා තියෙනවා.



3 comments:

  1. පීරියඩ් කට් කරන්න පනින්නේ කැඩෙට් රූම් එකට ඉස්සර..දවසක් ඒකේ ඉන්නකොට කැඩෙට් සර් ආවා රූම් එකට...හතර පස් දෙනාම හැංගුනේ පරණ බූට් දාලා තියෙන ස්ටෝරු කාමරේ..එදා දවසෙම හිටියේ කුණුම කුණු ගඳේ....

    ReplyDelete
  2. ඉස්කෝලේ ගිය කාලේ කරපුවා මතක් වෙනකොට ආයේ යන්න තියනවා නම් කියලා හිතෙන වාර අනන්තයි...

    අදයි මේ පැත්තේ ආවේ./. ජය වේවා මල්ලියෝ

    ReplyDelete
  3. @ඔබ නොදු‍ටු ලොවක්

    එහෙනම් සුපිරි ආතල් එකක් ඇති , ඔය කැඩෙට් කරන උන් මලාට ඇදුමක් හෝදන්නෙ නෑනේ, කැඩෙට් කරන උනුත් අදින්නේ බොහොම අමාරුවෙන්,

    @දේවා ගේ අඩවය

    බොහොම ස්තුතියි, තාම ඉස්කෝලේ කාලේ ඉන්න එක ගැන හිතුනාම සතුටුත් හිතෙනවා,

    ReplyDelete