Sunday 26 February 2012

Ong-Bak සහ ටෝනි ජා - මම බලපු හොදම මාෂල් ආට් නලුවා සහ චිත්‍රපටිය

      මගේ කැමතිම විනෝදාංශය සහ මගේ කැමතිම මාතෘකාව තමයි සිනමාව. මට චිත්‍රපටි නැරභීමේ විශේෂ ආසාවක් සහ ඕන කමක් ඇති උනේ සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ පටන් ගන්නකන් ගෙදර ඉන්න කාලේ තමයි. කාලේ කන්න ( කාලය ගෙවා ගන්න ) ක්‍රමයක් හොයන කොට තමයි මේකට පුරුදු උනේ. ඊට පස්සෙ මම දන්නෙම නැතුව ඒකට ඇබ්බැහි වෙලා. මේ වෙනතෙක් මම අවුරුද්දක් තුල සෑහෙන්න චිත්‍රපටි තොගයක් බලලා තියෙනවා. වැඩිපුරම නරඹන්නේ හොලිවුඩ් චිත්‍රපට.
 
          දැන් මාතෘකාවට එමු. මේක තමයි මම බලපු ලස්සන කතාවක් සහ හොදම සටන් දර්ශන සහිත චිත්‍රපටිය. ඉතාමත් තාත්වික සටන් දර්ශන තමයි තියෙන්නෙ, මම හිතන්නේ මේක නම් ලංකාවේ හුගාක් දෙනෙක් බලල  ඇති. ඒත් මේක ගැන නොකියා බෑ.


      ප්‍රධාන චරිතය වන ටෝනි ජාත් කේබල් වැඩ නැති ඇත්තම වැඩකාරයෙක්. ඔහු මුලින් චිත්‍රපටි වල ස්ටුන්ට් ( ආදේශක නලු ) කෙනෙක් විදියට තමයි ඉදලා තිබෙන්නෙ. පසුව මොහුගේ දක්ශතාවය මත තමයි මොහුව රංගනයට එක් කර ගෙන තියෙන්නේ.

            Ban Nong Pradu කියන දුප්පත් ගමේ ඔන් බැක් නම් උත්සවය දවස් කීපයක් තිබියදී ඔන්ග් බැක් කියන බුදු පිළිමයේ හිස කණ්ඩායමක් විසින් පැහැර ගන්නවා. මේ බුදු පිළිමයේ හිස ගේමේ අභියෝගය භාර ගන්නේ ඒ වන විට ගමේ සිටින හොදම රණ ශූරයායි (ටින්ග්).ගමේ සිටින දුප්පත් ජනතාවගේ සල්ලි එකෙතු කර මොහු නගරයට යනවා. ඒ නගරයේ සිටින විශ්වාසවන්ත පුද්ගලයෙකුගෙන් උදව් ඉල්ලීමට. මේ මිනිහා මුලින් මොහුට වංචා කලත් පසුව සිදුවන සිද්දියකින් මොහුට උදව් කිරීමට ඉදිරිපත් වෙනවා. මොහුගේ නංගිත් , මොහුත් ටින්ග් සමග එකතු වී බුදු පිළිමයේ හිස හෙන ඒමට කරන ක්‍රියාදාමය තමයි පෙන්වන්නේ.


          ඉතාමත් තාත්වික සටන් දර්ශන වලින් සමන්විත මේ චිත්‍රපටිය ඉතා ඉහල කතා පිටපතක් තිබෙනවා. සංගීතය පවා ඉතා ඉහල මට්ටමක තිබෙනවා.  

Tony Jaa , 2005 දී



       ටෝනි ජා , මෙම චිත්‍රපටියේදී ස්ටුන්ට් ලා යොදා ගැනීමට අධයක්ශකවරයා තීරනය කරත් ටෝනි ජා එය ප්‍රතික්ශේප කලේය. මොහු මෙම චිත්‍රපටියේ එක් තැනක ගින්දර මත කරන දර්ශනයකදී මොහුගේ දෙපා දැඩි ලෙස පිලිස්සිනි. මේ නිසා චිත්‍රපටියේ රූ ගත කිරීම මාස 3ක් පමණ නැවතුනි.  එහෙත් ඔහු නැවතත් රූ ගත කිරීමට පැමිනියේය. මොහු තම චරිතයට උපරිම ලෙස කැපවෙන මොහු අනෙක් නලුවන්ට වඩා වෙහෙසකර රංගනයක නිරත වෙනවා. 


      ටෝනි ජා 2011 වසරේදී තායිලන්තයේ චාරිත්‍රයක් වන ජිවිතයේ යම් කාලයක් මහණ වීමට අවශ්‍ය නිසා මොහු 2011 වසරේදී මහණ උනා. එහෙත් එය දැන් නාගරිකව දක්නට නොලැබුනත් හම්මාන වල දකින්නට ලැබෙනවා.  එහෙත් මොහු මේ වසරේ ටුම් යුම් ගුන් 2 වෙනි කොටසට රගපෑම සදහා නැවත පැමිනෙනවා.




        තවත් එකක් නම් කිව යුතුමයි, පසුගිය දවසක මොහු ලංකාවට පැමින තිබෙනවා දළදා හිමියන් වැද පුදා ගන්න. ඒ අවස්තාවේ හමුදාවේ පිරිසක් තමා මොහුව අදුරගෙන තිබෙන්නේ. ඇත්තටම මම මේක දැන ගත්තේ ලංකාවේ ගොසිප් සයිට් එකකින්. ඒ වෙනකන් මම හිතන්නේ කිසිම මාධ්‍යක මේ ගැන සදහන් උනේ නෑ. ඉන්දියාවේ කවුරු හරි අනංගයෙක් ආවා නම් මල් මාලා දාලා පිලිගන්නේ. ඇත්තටම මට සමහර නලුවන්ට වඩා මොහුව පියවර සිය ගනකින් ඉදියට තියන්න පුලුවන්.

13 comments:

  1. කියන්න දෙයක් නෑ,,,,සුපිරි නළුවෙක්...

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නලුවෙක්,, ඇක්ශන් නම් සුපිරිම මේවා තමයි.

      Delete
  2. සැබෑ වැඩකරුවෙක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිරා වැඩ්ඩෙක්

      Delete
  3. ඉතින් ඒ චිත්‍රපටය දාහංකො මලයා ... සිංහල උපසිරැසිත් එක්ක...
    එතකොටනේ වැඩේ ලස්සනයි කියල කියන්න පුලුවන් වෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. දාන්න නම් පුලුවන් කොල්ලො , ඇයි මෙහෙම දැම්මාම ලස්සන නැද්ද?

      Delete
  4. සුපිරි වැඩකරුවෙක්.. ඉන්දියාවෙ කාඩ්බෝඩ් වීරයො වගේ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. සිරාවට උන් දාන්නේ තනිකර කේබල් වැඩනේ , ඒවත් කරන්නෙ බයේ ගැහි ගැහි

      Delete
  5. මමත් ආසම නළුවෙක්....

    ReplyDelete
    Replies
    1. අංක එකේ මාශල් ආට් ශිල්පියා මටනම්.

      Delete
  6. අපේ කට්ටිය හුස්ම ගන්නෙ මෙහෙ ඉදන් උනාට පෙනහෑල්ල තියාගෙන ඉන්නෙ ඉන්දියාවෙනෙ ඒ නිසා ඒ නිසා ඉන්දියවෙ තියෙන කුනුගොඩවල්වල ගද විතරයි දෑනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සිරාවට නියම කතාව, උන් නිකං කෙල්ලො බදා ගෙන ගස් වටේ දුව දුව කරන ඒවා වගේ සීනි බෝල රංගනයක් නෙමෙ මොහුගේ තිබ්බේ. තම ජීවිතයත් පරදුට තියලා තබන රංගනයක්

      Delete
  7. අපොයි ඇහුවෙත් අදයි.. කෙල්ලො කවද්ද ඇක්ෂන් ෆිල්ම් බැලුවෙ..නැද්ද?

    ReplyDelete